මිතුරු සෙනෙහසට අද කවි හිත දීලා..
ගොතමි කවක් හරි හරියට රස දාලා..
මිතුරු දමට නෑ කිසිවක් සම වීලා..
පණ වාගේ ඇත හුස්මට කා වැදිලා..
දුකට සැපට තුන්වරුවේ ළඟ ඉන්නේ..
නිතර නිතර දුක සැප ගැන විමසන්නේ..
හෙවනැලි වගේ යන එන මග දැවටෙන්නේ..
මව්පියෝ වගේ නිරතුරු ඔවදන් දෙන්නේ..
බෙල්ල ගියත් නැ අතහැර දමා ගිහින්..
වල් පල් දොඩනවා දැක්කා වාගේ ඇහෙන්..
කෑවේ නැතත් බඩගින්නක් නෑනේ ඉතින්..
පිස්සු ගොඩයි වටිනවා උන් ඉහට උඩින්..
හිනා කටයි එක් වුනු විට මෝඩ රැළ..
කතා ගොඩයි වයිවාරන දෙබස් වැල..
පෙරලුනොතින් එක වදනක් කනවා මොල..
පැටලුන එකා වටකරගෙන දමයි ගිල..
කෑම පිඟානක් දැක්කොත් වටවෙන්නේ..
වට පිට නොබලා එක හුස්මට අඹරන්නේ..
අනේකා අනන කට මේකා ගිල යන්නේ..
මෙහෙමයි මිතුරො එක් වූ විට සිදුවන්නේ..
යහපත් මිතුරෝ ආදරයෙන් රැකගන්න..
පවිටු මිතුරෝ දිවියෙන් වෙන් කරලන්න..
කවුද ඉන්නේ කවුද යන්නේ දැනගන්න..
මිතුරු කමට ගෞරවයෙන් සලකන්න..