මෙතරම්-ආදරේ-කෙරුවද-සුදූ-මට
මෙතරම් ආදරේ කෙරුවද සුදූ මට..
විඳි දුක බලා ගලනවා අද කඳුළු කැට..
උඹයි මගේ කිරිකැටියයි දකින විට..
සෙනෙහේ ගලනවා පපුවක් පුරා වට..
මගේ නමින් ලොවට පුතෙක් පුදනු නියා..
රත්තරනේ පුදුම දුකක් වින්දා ඔයා..
පිරිමි හිතත් බයටම හිරි වැටී ගියා..
හිතන්නවත් බෑ මට දුක් විඳිනු තියා..
දැනෙනවා ඔබේ ආදරේ බර පපුවටම..
ඇත්තයි උඹට පණ වාගේ මගේ පෙම..
අදින් පසුව හුස්මද මගේ ණයයි හැම..
දිවි ඇති තෙක්ම රකිනෙමි සුදු උඹව මම..
මොළකැටි පුතුගේ හිස මත දිවුරුම් තියමි..
ඔබ දෙදෙනාට පණ මෙන්  ආදරේ කරමි..
කිසිවිට දුකක් කරදරයක් මා නොදෙමි..
සැමියෙකු පියෙකු වී සෙනෙහේ පුදා ඉමි..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here