ගහක කොළක පල වැලයක රස විඳලා..
ඇතිවී හැඩයි රජ කෑමක ඉව වැටිලා..
ඉවසීමක් නොවේ යන්නේ නැත පැනලා..
කෑදර කමට මූණත් තහඩුව එරිලා..
සුද්දගේ කෑම ලේනගේ බඩ පුරවයිද..
පළතුරු කාපු ඇත්තට මෙය දිරවයිද..
අනේ අහිංසකයට මින් මක්වෙයිද..
හිතුනට මටත් වෙන කවුරුන් දුක්වෙයිද.
දිනෙන් දිනට නැසෙනා කල සොබාදම..
පුදුමත් නොවේ සතුනුත් සොයනා කෑම..
කැව්නම නුහුරු විස උන්ගෙත් වැනසීම..
කවදා කෙලෙස නවතනු හැකිවෙද කොහොම…
සතුන් උනත් මිනිසුන් හා සමවෙන්නේ..
අරුම කාලයකි දැන් නම් එළඹෙන්නේ.
අනාගතේ ගැන දැන් නම් බිය වෙන්නේ..
කුමක් වේවිදැයි කවුරුත් නෑ දන්නේ..