රුදුරු-සිඳු-රළ

රුදුරු සිඳු රළ නපුරු වින කල
කුරිරු වූ ලෙස නැසූ පන නල
මතක හුස්මක රැඳුණු නත්තල
තවම කඳුළැලි තියේ හිත්වල

සවන වැකෙනා දුක් විලාපය
මිනිස් නොමිනිස් සෝ කතාවය
කකියනා කළුවර වියෝගය
නපුරු හීනෙකි ඒ සුනාමිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here