ලොවක් එළිය කරමින් දිවි පරදුවට..
තියා වෙහෙස වු මිතුරේ කලක සිට..
හදිසි විදුලි සැර වින කෙරුවත් පවට..
නපුරක් වෙන්න නොදෙමී කිසිවිට නුඹට.
ඉහළ නැගුණු විදුලි රැහැන් කණු මුදුනේ..
මා වලකා උඹ කිමදෝ එහි නැගුණේ..
මගේ පවද උඹ මත කැරකි රැදුණේ..
උඹට නොවෙයි එය මට වෙන්නට තිබුණේ..
මිතුරු කමේ නාමෙන් තව ඉවසාපන්..
අතැර නොයා හුස්මක් පහළට දාපන්..
මගේ හුස්ම ගෙන ජීවිතේ අල්ලාපන්..
අනේ අතක් වත් ටිකකට සොලවාපන්..
ජීවිතේ කෙටියි එය කාටත් පොදු දෙයකි..
උඹ හැර ගියොත් එය මට නොමැකෙන පවකි..
තවම ගැහෙන පපුවට හුස්මත් බරකි..
උඹ නැති ලොවේ මරණය මෙමටත් සැපකි..