ලොවක් දොස් කිය කියා පිළිකුලෙන් නෙත් හෙලයි..
අපරාද කාරියෙක් කියා හන්වඩු ගසයි..
අසරණව හැඬුවෙ හිත කරපු පාපය නිසයි..
ලෙයින් අද හැරගියේ පුතු නොවේ මා පණයි..
මුළු හිතින් ආදරේ කළ නිසා පිළිසිඳි…
උඹව රැක ගන්න මා දෙවියනේ පින් යැදි..
කුරිරු නෙත් අවකැපෙන බස් නිසා හිත රිදි..
දහසකුත් ගිණි මැදින් ගියා කළලය බිඳි..
පුoචි හෝ සෙනෙහසක් තිබුණි නම් ඔහු හිතේ..
මේ වගේ පාපයක් නොකරමි මගේ පුතේ..
තනිව විඳි වේදනා නපුරු ලොව තුළ ඇතේ..
අවලාද මිස කඳුළු මා නමින් ළඟ නැතේ..
ජාති ජාතිත් මෙවන් පවුකමක් නොකරමි..
පින්වන්ත දරුගැබක් පතා පින් පුරලමි..
කුරිරු මිනිසුනේ මා නපුරුකම් ඉවසමි..
වරක් නොව සියදහස් වර සිතින් මියැදෙමි..