වේගය-සතුට-ගෙන-එයි-රිය-හසුරද්දී

වේගය සතුට ගෙන එයි රිය හසුරද්දී..
ඉවසුම් නොවේ සුක්කානම කරකද්දී..
තප්පරයෙන් අනතුරු වෙයි වැරදෙද්දී..
දිවියම අඳුරු වෙයි මොහොතක් නොහිතද්දී..

දින පතාම රූප පෙට්ටි හා ගුවනේ..
අනතුරු ගැනම වැකෙනවා කාගෙත් සවනේ..
ඉගිලෙන විටදි පැදගෙන වාහන පවනේ..
අහින්සකම ජීවිත මහ මග තැලුනේ..

කාර් බයික් දුම්රිය බස් එක වාගේ..
අනතුරු මවයි යහමින් හැමදා වාගේ..
පරිස්සමෙන් ගියහොත් කවුරුත් වාගේ..
වැලකෙයි වෙන්න යන අනතුරු හැම වාගේ..

මහ මග නීති අකුරට පිළිගන්නේ නම්..
දෙවියන් බුදුන් සිහිකර නිති ඉන්නේ නම්..
ඉක්මන් කොටයි කවුරුත් එය පිළිගයි නම්..
සිද්ධ  නොවේ මේ අනතුරු කිසිවක් නම්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here