මිනිස් සත වෙත කුළුණු ගුණ පා
අවදිවී යළි ලෝ මතින්
රැස් විදාලූ හිරු පරිද්දෙන්
එළිය විහිදා දිව නෙතින්
පාපයේ පැරදුමන් පරදා
යළි උදාවූ සඳ ලෙසින්
සමිඳු යළි වඩිනු මැන
දුක් නිවාලන්නට අප නමින්
පහන් ටැඹ ලෙස අඳුර මකනා
අසිරි පා සුර දෙව් ලොවින්
රෝග බිය සැක මුලින් උපුටා
දමනු සමිඳුනි හිත් වලින්
ගිගුම් දුන් ලෙස කැබලි කරමින්
කඳුළු මැව් මතකේ ළඟින්
සාමයේ අරුණළු පිරේවා
ප්‍රේමයේ සුවඳැති මලින්