සසරේ-විඳ -පුරුදු

සසරේ විඳ  පුරුදු සෙනෙහේ සුවඳ දැනි..
බෝසත් නුඹට බැඳි ප්‍රේමය හැබෑ උනි..
දොහොත් මුදුන් අත් බැඳ මා හිමිසඳුනි..
දෙපා වඳින්නට අවසර දෙනු බැතිනි..

පියෙක් වගේ රැකවරණය සදන කොට..
සුවඳ හමන ඔබේ ගුණ මහමෙරකි මට..
සුදුවැලි මලුවේ බෝ සමිඳුන් සෙවන යට..
දිවුරා කියමි මිය යන තුරු නොයමි පිට..

ආලවන්ත ඔබ ලැබු පින් බලයෙන්ම..
පතාන එන්නම් මතු ඔබ සමඟින්ම..
හිස මත තැබු ආදර බර සුරතින්ම..
බදා රකිනු මා ඔබගේ පණ මෙන්ම..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here