සාදූ-පන්සලේ-පුරාම

සාදූ පන්සලේ පුරාම.. 
එහෙ මෙහේ දුව දුව නටනවා..
කොච්චර වත් අහන්නේ නෑ..
සුදු සරමත් බිම ඇදෙනවා..
අත් දෙකටම වැලි අරගෙන..
මල්ලියා සෙල්ලම් කරනවා..
අම්මා දැක්කොත් අද නම්..
දඟයට හොඳටම බනිනවා..

අමාරුවෙන් අල්ලා ගත්තේ.. 
නැත්නම් පැනලා දුවනවා..
අනේ අක්කේ අත අරින්න..
කිය කිය නහයෙන් අඬනවා..
පව් හින්දා යන්න දෙන්න.. 
ඕනේ කියලා හිත කියනවා..
මල්ලී මගේ පණ නිසාම.. 
මටත් ඉතින් දුක හිතෙනවා..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here