සිඟිති-නුඹට-රන්වන්-හැඩ-රුව-පුදලා

සිඟිති නුඹට රන්වන් හැඩ රුව පුදලා..
 සුන්දර කුසේ රැළි මාලාවන් පිරිලා.. 
සිනිඳු හමක එක එක පැල්ලම් වැටිලා..
 සොඳුරු ලඳක් පුතුනේ අද මවක් වෙලා..

 ඉස්සර වගේ සුදු නෑ උඹේ අම්මි පුතේ..
 තාත්ති එහෙම හිතනවාද දන්නේ නැතේ..
 කිසි හැඩයක් නෑ දැන්නම් මාගේ වතේ..
 ඒත් පුතේ උඹ දැක්කම සතුටු හිතේ..

 පුතු ඉන්නවා නම් අම්මිට මොකුත් එපා..
 මහත්තයෝ හැඩ වෙනු බෑ හිතනු එපා..
 පොඩ්ඩක්වත් ආදරේ අඩු කරනු එපා..
 මින්පසු හැම දේ පුතුටයි තැවෙනු එපා..

 ආදරයේ තිළිණ ගෙනත් කුස පුරවා..
 දුන් ඒ පිනෙන් මවු පදවිය හිමි කෙරුවා..
 හිමියනි පුතුනි මුළු දිවියම ඔප කරවා..
 මා රැකගන්න පණ මෙන් සතුටින් දිනවා..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here