සුදු දුවේ අම්මි කවි ලියනවා අද නුඹට..
හැඟුම්බරයි කවිපද ඇරඹෙයි බරට..
ආදරේ ගොඩක් වැඩි හින්දා රන්කඳට..
මෙතෙක් ලියු කවි පද පරදියි මෙයට…
පිළිසිඳගත් මොහොතේ සිට මා කුසයේ..
නෑ බර උනේ කිසිවිටෙකත් සමනලියේ..
පුංචි පයින් ඇන ඇන මට හිටිහැටියේ..
කෝළම් කළාසුදු අම්මට හුරතලියේ..
කුසයේ දස මසක් කල් ඔබ තුරුල්වෙලා..
මා රූ උරා ගෙන ඔබ සුදු බෝලේ වෙලා..
හැම දෙන කියයි දැන් අම්මා කළුත් වෙලා..
ඒ මදිවට ඇඟ හොඳටම මහත් වෙලා…
නුහුරුයි පුතේ මේ සියල්ල අම්මාට..
කටින් කෑ ගසා දෙවනත් නොකළාට..
එත් සුදු ඔයා සිහියට එනකලට..
ඉන්නට කියුවා ඉවසන් මන් සිත්මලට..