සුභ-මංගලම්

සුභ මංගලම් ඉතින් පිංවන්ත දරුවනේ..
වාරුවක් නැති අතට ඔබ දෙපල දැවටුනේ..
මහලු මන් පෙරමගට අහම්බෙන් හමුවුනේ..
මේ බවක් කාචයට කෙලෙස දෝ හසුවුනේ..

විසල් දුම්රිය පොලේ නාදුනන අය මැදින්..
කවුරුවත් බැලුවේ නෑ මහලු මන් දෙස ඉතින්..
පුතේ උඹ දෙදෙනගේ කරුණාව පිරි අතින්..
උණුහුමක් දුන්නාට දෙන්නෙමි පින් හිතින්…

අදින් අරඹන දිවිය සොයා පා ඔසවලා..
පිය නගනු ඉදිරියට හොඳින් ඉවසාබලා..
නාදුනන දරුවනේ ඔබෙන් මම වෙන්වෙලා..
සුභ පතා යන්නෙමි දුම්රියට ගොඩවෙලා..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here