සුර-ලෝකෙන්-රන්කැටියෙක්

සුර ලෝකෙන් රන්කැටියෙක් දෝතට ඇවිදින්..
කිරි බිඳුවක සුවඳ සොයා වෙලෙනවා තුරුළින් ..
ලැබිලා රන්කඳ මා හට කළ පෙර පිනකින්..
සත්තයි මුළු ලෝකෙම එළි වැටිලා නුඹගෙන්..

බොහෝ කලක් පෙරුම් පුරා බලාන ඉඳලා..
පුතුනේ නුඹ ආවද මේ අම්මව හොයලා ..
ලබා දෙන්න නිදුකින් දරු පැටියෙක් කියලා ..
පැතුවා නිරතුරු මම හැම දෙවියන් වැඳලා..

පුංචි ඇඟිලි තුඩු අගකින් පටලා මා අත..
දල්වා තරු මෙන් දිලිසෙන ලස්සන නුඹේ නෙත..
නිම්නැති සෙනෙහස් ගංගා උතුරන මේ හිත ..
පුදදෙන්නම් දිවි ඇති තෙක් පුතේ ඔයා වෙත..

කරුවල අහසක පෑයු පුරහඳ රුසිරු..
හිම කැටයක හීතල රැඳි මුදු මුව තඹරු..
හීන් හිනා හිත මන්මත් කරවයි මියුරු ..
නුඹයි මගේ ලොව රජවෙන හිරු කුමරු..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here