සුර-විමනේ-සුර-කුමරුනි

සුර විමනේ සුර කුමරුනි හිනැහෙන සේයා..
හිරු මඩලේ හිරු කුමරුනි දිදුලන චායා..
සඳ මඩලේ සඳ කුමරුනි රූසිරි මායා..
පිං අරගෙන පුත් කුමරුනි එනු මැන පායා..

දින ගනනේ පෙරුම් පුරා දවටා සෙනෙහේ..
හීනෙන් විත් හැමදා නුඹ මාහා හිනැහේ..
හුරතල් නිල් දෙනුවන් තරු වාගේ දිලිහේ..
පුතු එන මග බලමින් හිත නිවිලා සැනහේ..

උතුම් දළදා සමිදු පිහිටෙන් කුසේ ඉඩ නුඹ අරන් එන්න..
රුවන්වැලි බෝ සමිදු බලයෙන් පුතේ යහපත් කෙනෙක් වෙන්න..
මෙතෙක් මා කළ පින් බලෙන් පිය හැඩ අරන් තුරුලේම ඉන්න..
අම්මා කියනා නාමයෙන් මා හිතට සතුටක් ගෙන වඩින්න..

අතගගා කුස නිතර පතනා සෙත් කවක් ඇසුනද පුතේ..
දැනෙනවා දෝ පිරුණු ආදරේ පැතුම් ලියවී ඇති හිතේ..
උතුම් දරුවෙක් ලෙසින් හැදියන් නැතත් රජකම් කම් නැතේ..
රත්තරනේ ඉවසා හිඳින්නම් සතුට දල්වනු මා නෙතේ.. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here