සොබාදම් මෑණියනි දිවැසින්..
හෙලනු මැන කරුණාව නෙතඟින්..
කඳුළු ඇවිලී මියෙන ගින්නෙන්..
මුදනු වැසිදිය හෙලා විගසින්..
දෙපා සිවුපා විඳින දුකකින්..
නොදැන උන් දැවුනාද පවකින්..
අනේ දෙවියනි දිවැස් හෙලමින්..
අහින්සකයින් රකිනු කුළුණින්..
ලොවක් මුමුණන අසිරි පිරිතෙන්..
දුක් නිවේවා බුදුන් සරණින්..
සීත වැහිබිඳු වැටී අහසින්..
වැවේවා තුරු හරිත පැහැයෙන්..