හඳේ-ඉන්න-සුදු-හාවා

හඳේ ඉන්න සුදු හාවා පොළොවට ඇවිදින් වාගේයි..
සුදුම සුදුයි කිරි පාටයි පුoචි මල්ලියා මාගේයි..
කිරි සුවඳට හාදු ගොඩක් පුoචි කම්මුලේ ගෑවෙයි..
දාන්ගලේ වැඩි හින්දම කාලේ ගෙවෙනවා නෑගෙයි..

ලස්සන පොඩි පාට පාට සමනල් පැටියෙක් ගානට..
හරි ලස්සන ඇඳුම් ඇඳන් ඉන්නේ හුරතල් තාලෙට..
බඩගින්නට නිදිමතකට ඇඬුවොත් නම් ඒ වේලෙට..
ටිකක් තරහා අරන් කඳුළු වක්කරනවා හරි බොරුවට..

ඉඳලා හිටලා ලෙඩ උනාම මැලවුනු මල් පෙත්තක් සේ..
අම්මා ගාවමයි ඉන්නේ සෙල්ලම් නෑ ගේ අස්සේ..
එදාට නම් මටත් ගොඩක් දුක දැනිලා හිත ගැස්සේ..
දුරින් බලන් ඉඳන් අක්කා තෙමෙනවා කඳුළින් වැස්සේ..

දෝණිට පාලුයි කියලා අම්මි එක්ක එකතු වෙලා..
තාත්ති ගෙනාවද ඔයාව සුරoගනා ලොවෙන් බලා..
මල්ලි ළඟින් තියන් පුළුන් රොදක් වගේ තුරුලු වෙලා..
අක්කා ඉන්නවා පැටියෝ ඔයත් ඉන්න හිනහා හලා..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here