හිටියා නම් නුඹ මගේ ගාවින් තුරුලේ ගුලිවී ඉන්න තිබුනා..
සුවඳ බල බල ඔබේ ළඟටම වෙලා උණුහුම් වෙන්න හිතුනා..
පුතේ කියලා ආදරෙන් ඔබ අමතනා හඬ සවන වැකුනා..
අහිමි සෙනෙහේ දුකට අම්මේ පුතුගේ නෙතඟේ කඳුළු පිරුනා..

උපන් මොහොතේ මතකවත් පොඩි මා ළඟින් රැඳිලා නැති..
මුවට හුරු නැති කිරි රසට හිත ඇදෙනවා අම්මේ නිති..
අහම්බෙන් දුටු රූපයක් දැක නැවති මාගේ හිත ගති..
ඔබගේ හැඩරුව මවා ගන්නට හීනයට ආවත් ඇති..

යනෙන මඟතොට ඔබේ නෙතඟේ දිනක මා ගැටුනත්…
නෑ බිඳක්වත් අඳුර ගන්නේ අම්මේ ඔබ කොහොමත්..
උපන් දිනයේ මහ මඟේ මා මෙලෙස තනි කෙරුවත්..
ජාති ජාතිත් තරහා නෑ ඔබ මා හිතින් මැකුවත්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here