හිනාවක්-මුව-මත-තියා

හිනාවක් මුව මත තියා හෙවනැලි මවා රකිනා යුරූ..
තබන පියවර පියෙකු සේ මා නිරතුරුව වත්තම් කෙරූ..
කඳුළු පිසදා දිරිය සදමින් ළඟින් හිඳ සෙනෙහේ පිරූ..
හිමිසඳුනි ඔබ පමණි මා ලොව පායනා රන්වන් හිරූ..

ආදරෙන් මා දරා ගෙන නුඹ මේ තරම් උණුහුම දිදී..
දිනන මාවත එළිය කරමින් සඳක් සේ මා ළඟ හිඳී..
වැටෙන ළතැවෙන සෑම තැන්හී හුස්ම සේ පණටම බැඳී..
නුඹ නිසයි හිත විඳින සතුටක් මා නමට මෙතරම් ලැඳී..

පුඳමි අපමණ හාදූ ගෞරව දයාබර නුඹ පාමුලෙන්..
රකිනු පණ මෙන් අදත් මතුවට තවත් හිත බැඳි ප්‍රේමයෙන්..
දෝරේ ගලනා හැඟුම් කැටිකර ගැහෙන සිතුවිලි තාලයෙන්..
දිනමි දිනයක කිරුළු පලදිමි සොඳුර නුඹගේ නාමයෙන්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here