හුස්මටත්-හොරෙන්-ඉඟිලෙන

හුස්මටත් හොරෙන් ඉඟිලෙන කාලය නුඹ දන්නේ නෑ..
අලුත් ඉරක් පිබිදෙන විට සඳ අහසට එන්නේ නෑ..
හිනාවකට අයිතිය නැති මල් සුවඳට ළෙන්ගතු නෑ..
උඹ උදයෙම නැවතුනි නම් රෑ මෙච්චර කළුවර නෑ..

හැල්මේ දුවනා තත්පර මිනිත්තු ළඟ නැවතුනේ නෑ..
නිවි නිවි දිලුනේ නැත්නම් තරු කැට‍යක ලස්සන නෑ..
වැහිකෝඩෙක ළඟ හිටියොත් මීදුමකට සීතල නෑ..
හෙමිහිට නුඹ යනවා නම් දින සති කඳුළට බර නෑ..

ඇහි පියවිලි අහක බලන විට දුර ගොස් කියලත් නෑ..
හැමදේටම දෙන පිළිතුරු ප්‍රශ්න එකට ගැළපුනේ නෑ..
කාට කොහොම මොනවා උනත් ඒක උඹට ගානක් නෑ..
කාලය නුඹ හතිලන දා තනිමකන්න කවුරුත් නෑ..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here