නංගියාගේ-පොඩි-සෙල්ලම්-ඉස්කෝලේ

නංගියාගේ පොඩි සෙල්ලම් ඉස්කෝලේ පටන් අරන්..
උදෙන්ම අද මම යනවා අම්මගේ සාරියක් ඇඳන්..
විභාගයත් ළඟ හින්දා පැවරුමකුත් දෙන්න හිතන්..
අක්කි චූටි ටීචර් වෙලා එන හැටි ඉන්නවද බලන්..

මාමගේ සුදු මල්ලි එක්ක කිටියත් පන්තියේ බලා..
තුන්දෙනාම කෑ ගහනවා දඟල දඟල එකතු වෙලා..
හොඳින් කිව්වා ඇහුවේ නෑ ටිකක් තදින් කතා කළා..
නරක් උනොත් කෝටු පාර දෙනවාමයි අතට තලා..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here