කඩේ-ගිහින්-පත්තරයක්

කඩේ ගිහින් පත්තරයක් අරන් ඇවිල්ලා උදයෙම..
එහෙට මෙහෙට පෙරලනවා හීන් අත්තා අද දවසෙම..
වෙනදට නම් කම්මැලිවම ඉන්නේ ඔහු ගේ මුල්ලෙම..
අද පුදුමයි මිදුලට වී හිනා හලනවා තනියම..

මොනවද ඔයතරම් වේලා ඔයා ඔහොම කියවන්නේ..
නැතුවද අද හවස් වරුවේ ඔයා ටිකක් නිදියන්නේ..
කණ්නාඩිය ළඟකත් නෑ කොහොම අකුරු ගලපන්නේ..
අයියෝ අත්තේ ඔයාව මට නම් නෑ තේරෙන්නේ..

කවුද හාදයෙක් ජමරෙට උපන්දිනේ සමරලාලු..
මුළු රටක්ම හරි හරියට ඒ ගැන තළු මරනවාලු..
විස්තරයක් බලා ගන්න පත්තරයක් පෙරලුවාලූ..
අනේ අපොයි අපේ රටට සුද්දගේ ලේ විසවෙලාලූ..

අපේ කාලේ වගේ නෙමෙයි දැන් එක එක අරුමෝසම්..
හිනා නොවී බැහැනේ ඉතින් දැක මේවගේ බොරු වියදම්..
ඉලත් ඇදෙනවා දරුවෝ ඇයි මෙච්චර මල කෝළම්..
එක අතකින් අපිට මොකෝ උන්ගෙනේ ඒ තම්මැට්ටම්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here