දූවිලි අව්වේ දාහය හිස කකියවන..
දිය උගුරක් නොමවෙයි පවසට පිරෙන..
වීදි කොනේ එදා වේල සරිකරන..
අපිට කොහෙන්දෝ දෙවියනි ඔබේ සරණ..
මියගිය සැමියා හා සතුටින් කල් ගෙවුනේ..
නෑ අගහිඟක් දුකකුත් කිසිවිට රැඳුනේ..
අකාලයේ මිය ඇදුනම රත්තරනේ..
මේ හැම බරක් මා උර මතමයි වැටුනේ..
නෙත් නොපෙනෙන දුවයි ඇයගේ දරු දෙන්නා..
මගේ වගකීම වී තව බර වැඩිවෙන්නා..
උන් තුන් කුසත් මින් තරමක් පුරවන්නා..
ලැබෙන දෙයක් මහ මඟදි විකුනන්නා..
මා පසුකර එහෙ මෙහෙ ඇදෙනා දරුවෝ..
හෝටල් කෑම වෙත පමණක් ඉව කෙරුවෝ..
කූඩේ කෑම දෙස සිනහා බිම හෙලුවෝ..
අසරණ කමේ කඳුළින් හිත ඉරි තැලුවෝ..