හිතේ-ආදරේ-වචන-කරලා

හිතේ ආදරේ වචන කරලා කතා රස කර දෝණිට..
එයා වාගේ වෙන්න කියලා කියයි දවසෙම තාලෙට..
තවත් ඉවසා ඉන්න උහුලා බැරිලු මේ දඟ රාළට..
මටත් වැඩියෙන් පැතුම් පිරිලා වාගේ ඔහුගේ හීනෙට..

හැඟුම් උතුරා යාවි දැනිලා හිතේ උපනා ස්නේහෙට..
දූට ඕනෑ වේවි හිතලා තෑගි පුරවයි සතුටට..
කුස පුරා උණුහුමක එතිලා ගසන පා පොඩි පහරට..
පවා ලෝබයි කඳුළු උනලා තිබුනා ඔහුගේ නෙතඟට..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here