උණුහුමක-පැටලිච්ච-සුදු

උණුහුමක පැටලිච්ච..
සුදු සිනිඳු මල් පෙතී..
හිත පුරා ඉඩ හොයයි..
ආදරෙන් එති එතී..
මුදු මොලොක් ඇඟිලි තුඩු..
පටලවා සුවඳැතී..
නුඹ කියාදුන් සෙනේ..
පුතේ මට අරුමැතී..

තුරුල්ලේ ඉඩ සොයා..
මා ළඟට එන්නැතී..
ලෝබ නැතුවම දෙතන..
රුහිරු කිරි දෙන්නැතී..
දිවා රැය මුළුල්ලේ..
හුස්ම වී ඉන්නැතී..
සංසාරේ පුරාවට..
පුතා මගේ වෙන්නැතී..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here