නිහඬ ආදරවන්තයාණෙනි..
සෙනෙහේ පුද දුන් හිතවතාණෙනි..
දිවිය එලිකළ නියමුවාණෙනි..
දෙපා නමදිමි ඔබේ පියාණෙනි..
ඔබේ දහිරියේ වෙර නිසාවෙනි පුතුන් උස් මිනිසුන් උනේ..
නිබඳ උණුහුම් කරන ළෙන්ගතු හුස්ම ලෙස සැනසුම් ගෙනේ..
මවට නිරතුරු දිරිය දෙවනා පිනෙන් දිවියම සවි දැනේ..
ජාති ජාතිත් සසර මන් පෙත් කියා දෙනු පෙන්වා සෙනේ..
කඳුළු සඟවා සිනා සෙන්නේ අපේ මුවගට සතුට දෙන්නයි..
දෑතේ කරගැට රිදුම් දෙන්නේ අපේ දිවි මට සිලුටු වෙන්නයි..
නුබට කුසගිනි නෑ කියන්නේ අපේ කුස අහරින් පුරන්නයි..
ඔබේ දිවියම කැප කරන්නේ අපේ ලොව සුරලොව කරන්නයි..
ලොවට පණ පෙවු පියවරුන් හට..
පුදමි කවි මල් නෙලා දෝතට..
සියක් දෙවිවරු බැල්ම ලන්නට..
පතමි නිරතුරු රැක දෙවන්නට..