බැඳලා කකුල් අතපය කට තදින් මගේ..
බින්ඳා කොන්ද හුස්මද නැතිඋනා අගේ..
වැන්ඳා කෙදිරි ගා ජීවිතේ හඬා වගේ..
ඔසවා ගෙනත් ලෑවා කුණු කාණු දිගේ..
ගෙයක් දොරක් පවුලක් නැති දඩාවතේ..
යනෙනා මගක නාදුනනා පිරිස් ඇතේ..
බිරුවා මිසක කන්නට මා පැන්නේ නැතේ..
එනමුත් උරන වී දිවි තොර කරා ගතේ..
මිනිසුනේ නපුරු කම් විතරද වපුරන්නේ.
අසරණ සතුන් ගේ ජීවිත නොතකන්නේ..
කලහොත් පවක් හැමදා පසුපස එන්නේ..
මරුවා පැමිනි දා කෙලෙසද ගැලවෙන්නේ..
මෙවන් දුකක් කිසි කෙනෙකුට නොමදෙන්න..
ජීවිත සැමගේ එක වාගෙයි සලකන්න..
හැම සිත් තුලම මෙත් සිතුවිලි වඩවන්න..
මිනිසත් කමට පණ දී ජීවත් වෙන්න..