සීත වස්සානයක කොපුල් තල සිපගන්න..
තාරූ නිල් දෙනයනට ඉතින් මා ඇදගන්න..
ශ්වේත සිහිනයක් වී ජීවිතේ සනසන්න..
ගැහෙන හදවත මතම මියෙන තුරු නවතින්න..
පාලු හදගැබ පුරා සඳ සිසිල වී ඉන්න..
මොහොතකට වත් එපා මා අතැර දුර යන්න..
සන්තකවූ ආදරේ උරුමයම අර ගන්න..
මා නිවන සංසාර හුස්ම පොද නුඹ වෙන්න