සුවඳ-රෝස-මල්-මුවරද

සුවඳ රෝස මල් මුවරද ..
සිනිඳු වළාවක එතිලා..
පාට අරන් පිණි කැට පොඩි..
දේදුන්නක් ඇත මවලා..
හිනා අරන් පරිසරයම..
හැඩවෙයි ලස්සන බලලා..
අහස් තලෙන් බිමට හඳක්..
පොලොවට රහසෙම වැඩලා..

පුංචි මුවේ රස වෑහෙන..
කතාවලට ඇහැ ඇරලා..
සමනලුන්ට තටු ඇවිදින්..
පියඹයි සතුටින් නටලා..
ජීවිතේට නුඹ ඇවිදින්..
හරිම පුදුමයක් කරලා..
හුස්මක් සේ පපුව පුරා..
දෝණිගේ ආදරේ පිරිලා.. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here