අදනම්-සෙල්ලම්-ඔක්කොම

අදනම් සෙල්ලම් ඔක්කොම ඉවරයි වාගේ කිටියෝ..
හොරෙන් සීනි කන්න ගිහින් බිඳුනනේ බෝතලේ අයියෝ..
බේරගන්න අපි දෙන්නව ඒවිද අහසින් දෙයියෝ..
අහුවෙන්නට කලින් හොරේ හැන්ගෙමු දෙන්නම පැටියෝ..

කලබලයිනේ ඔයා ඉතින් කියන දෙයක් ඇහුවෙත් නෑ..
චුට්ටක් කමු කියුවට මන් ඔයා නිකන් හිටියෙත් නෑ..
දැක්කොත් නම් අම්මි ඉතින් ගැලවිල්ලක් ඇත්තෙම නෑ..
පොඩ්ඩක් හරි බේරගන්න තාත්තියත් අහලක නෑ..

හොඳට බලන් ඉමුකෝ මොකද අම්මි කරන්නේ කියලා..
නැතුවද අපේ දාන්ගලේ ඇයට තාම ඇහැ ගැටිලා..
සීනි එක්ක වීදුරු කටු ගේ පුරාම ඇති වැටිලා..
තව ටිකකින් චූටි පුතේ කියමින් එයි මා හොයලා..

පුරු පුරු කිය කිය ඔච්චර බලන් ඉන්න එපා දුකින්..
කියමු බැරිවෙලා වැටුනා කියලා ඒක මගේ අතින්..
ආයේ කරන් නෑ කියලා සමාවෙන්න කියමු ඉතින්..
ගුටි කෑවත් ඔයාගේ නම කියන්නේ නෑ මගේ කටින්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here