දෑස්-නොපෙනෙනා-මට

දෑස් නොපෙනෙනා මට හයියක් වෙන්න..
කවා පොවා නාවා මා රැක ගන්න..
මුදල් නැතත් අගහිඟයක් නොදැනෙන්න..
හාමිනේ නුඹත් මියැදෙන තුරු ළඟ ඉන්න..

අත් පටලා පෙම් බස් දොඩමින් එකලේ..
ගිය හැටි මැවෙයි ආදරයෙන් ඉඳ තුරුලේ..
දොඩමළු කතා තවමත් රැව්දෙයි වෙරළේ..
සෙනෙහස සදා නොවෙනස් අප හද මඩලේ..

දරු මුනුබුරන් හට කරදර කරන්නට..
උන් ගෙන් යමක් ඉල්ලා දිවි ගෙවන්නට..
දුකක් නැතුව අපේ පණ නළ රකින්නට..
පන්සල් බිමට යමු සිඟමන් යදින්නට..

මැණිකේ අපිට අපි විතරයි හැමදාම..
උතුම් සෙනෙහසින් ජීවිතේ බැඳුනාම..
නොවෙනස් ආදරේ හිත් මත රැඳුනාම..
එකට නිවන් යමු සසරෙන් මිදුනාම..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here