ඇත්-පරපුරේ-රජිඳේ

ඇත් පරපුරේ රජිඳේ ඔද තෙද පාන..
නැඳුන් ගමුවේ රාජා ලෙස නම් දරන..
ලෝක පූජිතයි නුඹගේ ගුණ වරුණ.
මගේ නමස්කාරය කවියෙන් පුරන…

ඉන්දියානු සම්භවයක් ලබා උපන්..
තේජමාන සාදු කරඬු උරෙන් දරන්..
රැකවරනය ගෙන දළදා සමිඳු අරන්..
ගිජිඳු නමට කවියෙන් මා බඳිමි තොරණ්..

අද දක්වා දෙදහස් පහ වසරේ සිට..
කරඬු දරා පෙරහැරෙ යන පින්කමට..
ඇසල මසට ඔබ සරසා හැඩරුවට..
ගමන් යන්නේ ඇත් රජු හොඳ පිළිවෙලට..

නැඳුන්ගමුවෙ සිට පා ගමනින් එන්නේ..
මඟ ඉඳ පිරිවරත් ගරු බුහුමන් දෙන්නේ..
ඉහ කර උස මතින් වත පුටු බන්දන්නේ..
ඇත් රජුනේ තව බොහො කල් වැජඹෙන්නේ..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here