වෙහෙස අද්දර කිරා වැටෙනා නෙතු පියන් බරවී..
කියා ගන්නට බැරුව ළතැවෙන හීල්ලුම් හිරවී..
දෙසවනේ රැව්දෙනා කෑමොර දෙස් දෙවොල් පිරවී..
අපේ දුප්පත් කමට දෙවියොත් ඇතේ අද ගොලුවී..
දෙනෝ දාහක් යනෙන මාවත දූලි අතුගාලා..
කිලුටු දෑතින් අපුල උහුලා නෑ හොඳක් අහලා..
ලැබෙන සොච්චම් පඩිය මදිවී රටට ණයවීලා..
අපේ ජීවිත අපට නොදැනිම ඇතේ දියවීලා..
රූපේ හැඩකම් කියා පෑවත් පිරුණු අපේ කඳුළු..
දුකම විතරයි දුටුවේ කවුරුද විඳින කම්කටොළු..
සිහින කවදත් සිහින පමණයි නැතේ පින තුරුළු..
අනේ කවදා තැනේවිද අප නමින් සුර සඳළු..