සිව්-පැටියන්-වටකර

සිව් පැටියන් වටකර නෙත් ලෙසින් සුරකිනා..
ලොව දකිනට සැරසෙන පුතු කුසයේ රැකගෙනා..
උත්තමාවියේ මිහිමත සෙනෙහේ වපුරනා..
ඔබ රුහිරෙන් දරුවන් ජීවයෙන් පිරවෙනා..

එක හදවතක් දෑතක් හිමි උනත් කෙසේ..
මහමෙර තරම් යුතුකම් ඔබ කෙරුවේ මෙසේ..
දයාබරව ඉවසන මිහිමඩල ලෙසේ..
ඔබේ ආදරේ හඬ සක්වල පුරා ඇසේ..

මව් රැජිණියේ බුදු බව පතනා පෙරුමන්..
හිත තුළ නැතත් ඒ ලෙස පුරනා සිතුමන්..
නිතැතින් ලබා ගරු බුහුමන් සෙත් පැතුමන්..
ඔබ පාමුලේ පිපේවි දහසක් පියුමන්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here