මහගෙයි බිමට එළි ගෙනෙනා සඳවතියේ..
වපුරා සෙනෙහේ පුද දී ජීවිත හැදියේ..
දරු මුනුබුරන් නැතුවත් ළඟ හිතු හැටියේ..
හිතේ හයිය විතරද තනියට හිටියේ..
ආදරයෙන් ම රසමසවුළු පිසින්නී..
ජීවිතයෙන්ම ළතැවුල් දුක් මකන්නී..
අන්තිම හුස්ම තෙක් යහපත හිතන්නී..
පාලුව දරන් දරු එන මඟ බලන්නී..
අඩුවක් නොම තියා කරදඬු උස් කරලා..
තුරුලේ සුව තියා හැම සැප ළඟ තියලා..
අම්මේ කියා නැතුවත් දෙසවන් පිරිලා..
දෙවියන් යදී හැමදා සෙත් කවි කියලා..
වකුටු උනත් ගත සවිබල මහලු වෙලා..
කාත් කවුරුවත් නොහිඳී ළඟින් බලා..
දොසක් නොකියනා මුවඟින් සුසුම් හෙලා..
සැඟවුණු වේදනා පිරුනද කඳුළු ගලා ..