සුවඳ-හාදු-උණුහුම

සුවඳ හාදු උණුහුම පිරි කුස ගැඹුරේ..
විනිවිද දැනේ සෙනෙහේ කැටිවු රුදිරේ..
අතපය ගසා වැඩෙනා මා මව් සිරුරේ..
කුමරුන් මමයි ඔබේ ආදර රජ මැදුරේ..

අම්මිගේ බන්ඩියට කියනා කතා ඔබත්..
හොඳින් ඇහෙනවා තව ඉපදුනේ නැතත්..
හැඩරුව ගන්න ඔබ වාගෙම හිතේ මටත්..
බබළ වන්න දිනයක පිය රජුගේ නමත්..

ඔයා වගේ හොඳ ළමයෙක් ඕනේ කියා..
අම්මි පතන පැතුමන් ඉඟි දැනෙන නියා..
ගුණ යහපත් කරුණාවෙන් පිරුණු දයා..
පින්වත් පුතෙක් වී එනවා දිනක සොයා..

තාත්ති පැටියෝ තව චුට්ටක් ඉවසන්න..
ටිකක් කලක් යනවා මට ලොකු වෙන්න..
හොඳින් වැඩි ඔය දෙන්නව දැක ගන්න..
එන්නම් ඉක්මනින් තුරුළේ නැලවෙන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here