නුඹේ-හිනාවෙන්-මගේ-කළුවර

නුඹේ හිනාවෙන් මගේ කළුවර අහස එළිවැටිලා නගේ..
නුහුරු නුපුරුදු හැඟුම් අරගෙන හිතම හිරිවැටිලා වගේ..
නොපෙනුණත් අපේ සිනා අපටම පතා ආ ලෙසටම මගේ..
මනාලිය වී ලඟින් ඉන්නකෝ අපමණයි සෙනෙහේ අගේ..

දැනෙන සුවඳින් ඔබේ සියුමැලි වතේ රූසිරි විඳගමී..
සවන වැකෙනා හඩින් කෝමල මනසේ සිතුවම් ඇඳගමී..
දෙනත් අඳ වූ නමුත් පන මෙන් මැණිකේ හැමදා රැකගමී..
ඔබ නමින් සුරගන කතාවක පෙරවදන මම ගලපමී..

නෙතින් නොව අප හිතින් අල්ලා එකට එක මඟ ආ නිසා..
දකිමු ලෝකය මෙසේ එක්වී සිනාවෙන් කඳුළැලි වසා..
ගැහෙන හදවත නිතර කියනා ආදරෙන් තොරතුරු අසා..
පින් පුරමු අපි මතුභවේ වත් නෙත් පතමු කෙලෙසුන් නසා..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here