උතුරනා-ස්නේහයක

උතුරනා ස්නේහයක හාදු සුවඳක් විඳිමි..
හිනාවක් මුව තියා හිතින් සියවර හඬමි..
යන්න බෑ නුඹ දමා දෑත් කරවට වෙලමි..
පණ ලෙසින් මා නුඹේ රුහිරු උරුමේ රකිමි..

උපන්දා සිට හැදූ මතකේ සිහිනෙක දකිමි..
කියාදුන් ජීවිතේ ඉතින් රහකර ගයමි..
පීතු පාදම් කියා වැතිර පා යුග වඳිමි..
පියාණනි නුඹෙන් මා නියත විවරණ ලදිමි..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here