සොඳුරු-එක-හීනයක්

සොඳුරු එක හීනයක් නෙතු පියන් වහනවා..
හිත ඇඳුනු රුව නිතර හිතම කිති කවනවා..
ළන්වෙන්න හිත බයයි අහිමිවෙයි හිතෙනවා..
නොකියාම ආදරේ මුනිවතක් රකිනවා..

කෙරුවාට ආදරේ හිරකරන් හිතේ මගේ..
මිතුදමට එහා නුඹ හිතයි දෝ මන් වගේ..
දුටුවාම රුව දුරින් හිත කරනවා දගේ..
ආදරෙයි කියා නුඹ පැවසුවොත් එය අගේ..

නොකියා හිඳින මගේ ආදරේ දකීනම්..
නුඹේ හිතෙත් ඒ සෙනෙහස තිබේනම්..
මේ ඇස් දිහා ඔබ යන්තම් බලයි නම්..
හිතින් නුඹට මන් ආදරේ කියන්නම්..

මිතුර නුඹ මා කෙරේ ළෙන්ගතුව හිටි නිසා..
හිඳිනු බෑ තව තවත් හිතේ දොරගුලු වසා..
දිනක් ආවොත් එන්න මගකියමි නොවලසා..
ආදරෙයි කියමු අපි ලෝකෙටම හඬ ගසා…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here