සීත-අහසේ

සීත අහසේ හිඳ පායා..
දිලෙන සඳක රැස් මහරූ..
කුරුළු පිහාටුවක සේද..
සිනිදු සුමුදු හැඩ සොඳුරූ..
උදෑසනක රැඳි පිණිබිදු.. 
පිරි සුවඳැති කොද තඹරූ..
පුතුට සිනා ගෙනෙන වාලූ..
හමනා මදනල මියුරූ..

සෙනෙහේ පුරා හුරතලෙන්ම..
නුඹ සැරසූ හිත් පවුරූ..
දිවිය නිවා දෙයි සැනසුම්..
පිරුනා හුස්මත් ගැඹුරූ..
එළිය උනා පුත නුඹ ගෙන්..
මකා කඳුළු දුක් අහුරූ..
නෙතේ මැණික නුඹයි..
මගේ පණ රකිනා සුර කුමරූ..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here