පොඩි හින්දා මං තාමත් රැහේ එවුන් ගොරවන්නේ..
කොච්චර වත් බය කර කර උන් හැම මා එළවන්නේ..
දුවලා ගිහින් මම ඈතට එතකොට නම් හැන්ගෙන්නේ..
හොයාගන්න බෑ ආ මඟ පාරත් මට වැරදෙන්නේ..
කන්න තියෙන කෑම ටිකත් උන් පැනලා උදුරන්නේ..
කන්නෙත් නෑ කන්නත් නෑ උදේ ඉදන් බඩගින්නේ..
විහිළුවකට අරගෙන මං උන් කෝලම් කර ඉන්නේ..
හිතුනොත් නම් හපනවා මං නෑ තව නම් ඉවසන්නේ..
ඒත් ඉතින් දඟ වැඩ නම් නෑ අප්පට රුස්සන්නේ..
එහෙම කලොත් මටම තමයි සීයා පවා ඔරවන්නේ..
අම්මා ළඟ ඉන්න නිසා මොකටද මං දුක්වෙන්නේ..
දැන්නම් නෑ යකෙකුටවත් චූටි පුතා බයවෙන්නේ..