පවසන්න-මොහොතක්

පවසන්න මොහොතක් සවන් සනසා මගේ මයි කියලා..
තුරූලේම ඉනු මැන කඳුළු සුසුමන් හද ගැබෙන් මකලා..
සොඳුරියේ කිසි විටක නොයමි ඔබ අතැර දමලා..
මියෙන හුස්මට තනි රකින්නම් ඔයා ළඟ ඉඳලා..

පැතූ පැතුමට ආයු මදිවද මේ හැටිම ඉක්මන් උනේ..
දයාවක් නැති අපේ දෛවය වෙන්වන්න ඇරයුම් ගෙනේ..
ඉකි මතින් නුඹේ සිනහා වෑයම් නොකීවත් නෙතඟට පෙනේ..
කුමරියේ හිත සවිය වෙන්නම් පුදදෙමින් මාගේ සෙනේ..

අසරණයි අප තව බොහෝ කල් සතුටකට ඉඩ නැති නිසා..
කෙලෙස සඟවා ඉන්නේ හැඟුමන් නොහැගෙනා විලසින් වසා..
කාලයෙන් ඉඩ ඉල්ලලා අපි සිත් තැවුල් සෝ දුක් නසා..
බිඳක් ළන්වී හිඳිමු අපගේ හද හැහෙන හඬ විඳ අසා..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here