එක බඩවැල කඩාන සෙනෙහේ තනි රැක්ක..
දෙවෙනි මවුන් ලෙස නිරතුරු සිටි මා එක්ක..
කටු අත්තක් විලසට පැටලෙන වස කෙක්ක..
උඹයි හැඩම මනමාලිය මා නම් දැක්ක..
සූ සැට භරනින් සැරසී තැලි පිළි අන්දා..
නෙතේ කඳුළු හිරකර හසරැලි මුව බන්දා..
සමු අරගෙන දුර ඈතක යන දුක හින්දා..
උඹ නැතිදා මම සතුටින් හිඳියිද මන්දා..
පුoචි පුoචි රන්ඩු අරන් පැටලුනු වේලේ..
මතකයි දඟ වැඩ කරමින් හිටි හැටි බාලේ..
නැකත ළඟයි නික්මෙන්නට ඇවිදින් කාලේ..
ඇහුනද ආදරයෙන් හිත ගැහෙනා තාලේ..
සුභ පැතුමන් අරගෙන නික්මෙන්නට හදනා..
හාදු තියමි දෑතින් බැඳ ගෙලවට කරනා..
අක්කණ්ඩියේ නුඹ නැතිදා පාලුව පිරුනා..
නවතන්නට බැරි කඳුළුක් නෙතඟින් වැටුනා..