කණාමැදිරි එළියක් වත් ඉදහිට ළඟ නැතිවෙද්දී..
සැපට නිදන සයන කොහෙද රෑට දෑස පියවෙද්දී..
හමන හුළඟ ඔච්චම් කර ඇඟ හීගඩු පුරවද්දී..
උණුහුම දී නුඹ ඉදීවි හෙට උදයෙත් ඇහැරෙද්දී..
අහස හූරනා තරමින් ඉහළ නැගුණු නුඹ නොනිදා..
කරුවල වූ මගේ ලෝකෙට විදුලි පහන් එළි බැන්දා..
සැපක් උරුම නැති දුප්පත් අපිට සතුට දුර හින්දා ..
විසල් මැදුරු දොර පාමුල කඳුළු පිපුනදෝ මන්දා..
තරු පන්තියේ මිළට කැපෙන තේජස් පෙනුමට..
පුරවර සිරි අසිරි මවන මැදුරේ අරුමෙට..
රිදී කාසි සිනහා හඬට පොරවා පිරුවට..
මැතිදුන් ඇති නිදි වරාන නුඹගේ තනියට ..
රැයක් දහවලක් නැතුවම එකවර වෙහෙසිලා..
නුඹ හදන්න දරදිය ඇද කරගැට පිරවෙලා..
එදා නිතර ඇවිදපු ඒ මාවත් ඇහිරිලා..
හීන ලොවේ වත් දොරගුළු ඇරපන් ශැන්ග්‍රිලා..