ගොලුවෙනා දහසක් සිතුම් වැල් නෙතට කඳුළැලි ගෙනෙනවා..
ඇහැරෙනා නිදි බිඳෙන දෑසට ඔබේ හෙවනැලි පෙනෙනවා..
මගේ පුතේ කියනා දයා හඬ නිබඳ සවනට ඇහෙනවා..
හිත හදන්නේ කොහොම අම්මේ නුඹේ සුවඳම දැනෙනවා..
ගිලන් වී වත මිලින වීලා නුඹේ හුස්මත් නැවතිලා..
ආයේ නොඑනා නිසා නිතරම මතක දුක් දෙයි රිදවලා..
උපන්දා සිට දුන්නු උණුහුම් සුවේ නැතිවම තනිවෙලා..
නික්ම යද්දී මාව එක්කන් යන්න ඈ හට බැරිවෙලා..
මේ තරම් ඉක්මන් නොවී තව කාලයක් නුඹ උන්නානම්..
හීනයක් වී හෑම නින්දෙම තුරුලේ නැළවිලි කියුවානම්..
කතා නොකළත් දුරින් හෝ නෙතු මානේ නුඹේ රූ පෙනුනානම්..
හිනා වෙන්නට තිබුනා අම්මේ නුඹත් මා ළඟ හිටියානම්..