වෙනදා දුව පැන නටනා පංචෝ උඹ ගොලු වෙලා..
කිරි උරාපු පුංචි මුවත් කතා නැතිව මැල විලා..
ඉකි ගහනා හදවතේ අද දරු සෙනෙහේ වැලපිලා..
දෙවියනේ ඔබ කොහෙද ඉන්නේ මගේ පුතා මියැදිලා..

වෙනදා මෙන්ම සතුටින් උඹ තියන්නට..
ගියේ හනික රස පලවැල සොයන්නට..
මොහොතක් එන්න සිදුවූ ඒ පමාවට..
අනේ පුංචි පුතු අද නැතිවෙලා මට..

මා එනකල් උඹ බලාන ඉන්න ඇති..
පමා නිසා මා සොයාන එන්න ඇති..
පුංචි නිසා මහමඟ දඟ කරන් ඇති..
උඹටද හොරා හුස්මද මඟහැරී ඇති..

වේගෙන් ඇදෙන වාහන දූවිලි හුළගේ..
රැගෙන ගියාදෝ ජීවය මගේ පුතුගේ..
නගන විලාපය පිට නොමවෙයි මුවගේ..
මිනිසුනේ නැතිද කඳුළක් නැගුනේ නෙතගේ..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here