කඳුළු අතරින් ඔබේ ලියමන
ආයේ අයේ කියවමි
වරක් නොව සිය දහස් වාරෙක
මතක හිත මත අතුරමි
අතැර ගිය ඔබ ඇගේ සෙවනේ
සැනසෙනා බව දන්නෙමි
ඉතින් පෙම්වත මාද ඔබ හා
තරහා නැති බව පවසමි
එකට එක්වී සිනාසෙද්දී
මැවූ සිහිනත් පෑරිලා
අපිට අපි නැති වෙලා හින්දා
මිතුරුදම් වුව හේදිලා
මට වඩා හොඳ කෙනෙක්
දෙවියන් තියේ නම් අද තෝරලා
කුමට අවමන් ඉන්න පෙම්වත
ඇගේ නාමෙන් පේවෙලා
සමාවක් ලඟ නැවත නොලැබෙන
අතීතයේ සැමරුම්
කියන තරමින් හිමි උනා නම්
නැතේ මේ ගැරහුම්
මගෙන් මිදුනම ලැබේනම්
හිත පතපු හැම සැනසුම්
යන්න කුමරුනි දරාගන්නට
හැකිය මට පැරදුම්