රූබර සඳක් මෙන් වත මල රුවින් සරී
පැහැයෙන් ශෝභමානයි මදහස ද පෙරී
ආලවඩන පෙම් හැඟුමන් යසට පිරී
මැණිකේ දැකලා වැටුනා මුළු හිතම හිරී
දුටුවන් වරෙක නෙත් අලවා බලයි හැරී
වියපත් උනත් පෙරමෙන් තුනු සපුව දැරී
ලෝබයි තවම ඒකයි ඉවසන්න බැරී
ආයෙත් බඳිමු දැන්නම් කලවයස හරී