සඳවතියේ රෑ අහසට නුඹ පායා එන්නේ නෑ..
පාලු අහසේ අඳුර නිසා තරු කැට පායන්නේ නෑ..
ඉස්සර වගේ එළිය දෙන්න සඳවතියේ නුඹ ළඟ නෑ..
ඉතින් තවම අහස් කුසේ පාලුව නුඹ දන්නේ නෑ..
සඳවතියේ ඔබ නිදන්න ළන්නොවෙමි ඇහැරවන්න..
දැනෙන දුකම සඟවා ගමි ඔබට දුකක් නොදී ඉන්න..
දනිමි පහසු නොවනා බව හැමදාකම එළිය දෙන්න..
අමාවකත් හිමි අහසට එය දරන්න කියා දෙන්න..
තරු දිලුනට පිරිවරාන සඳ එලියට සම නොවෙනා..
අහස් කුසට හිමි තනිකම සඳවතියට නොම දැනෙනා..
නිතර අහස නුඹ සෙවුවත් තරහා අරන් දුර ඇදෙනා..
සඳවතියේ දිනයක් එයි අහස නුඹට මඟහැරෙනා..