“දිලිසෙනා තරු නෙතු කතාවෙන්
ආදරේ ඉතිරූ
නැලවෙනා මුතුලැල් සිනාවෙන් මැවේ මුව තඹරූ
මුහුවෙනා හුරු සිතු දයාවෙන් වාසනා ඇතිරූ
හැඩවෙනා සුදු පුතු නිසාවෙන් දිවිය වෙයි සොදුරූ

පුංචි දඟකම් මතින් දින දින නුඹ වැඩෙන අයුරූ
බලා සැනසුම් සුසුම් පිරුනේ සෙනෙහේ රස මියුරූ
නෙලා පැතුමන් කෙරූ ගෙත්තම් නුඹටමයි
මහරූ
පිනෙන් පිපිනා ලොවක මතුදින පුතුයි රජ කුමරූ”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here